මුල් පිටුව උණුසුම් පුවත් වසර 1 1/2ක් තිස්සේ මෙරට ආපදා කළමනාකරණය අක්‍රියයි

වසර 1 1/2ක් තිස්සේ මෙරට ආපදා කළමනාකරණය අක්‍රියයි

0

විශේෂඥයින්ගේ මතය ඉවත දමමින් හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමේ ආදීනව අද මුළු රටම භුක්ති විදිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

එළඹෙන වර්ෂයේත් ලංකාව ඉදිරියේ තිබෙන බිහිසුණු තත්ත්වය අවබෝධ කොටගෙන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වියයුතු අතර පාලකයින් මේ මොහොතේ හිතක් පපුවක් ඇති ලෙස කටයුතු කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුනි.

එදා සිට තමන් කියන දෑ පිළිබඳව අපහාසයෙන් උපහාසයෙන් සිනාසුනු ආණ්ඩුවට තමන් අද කියා සිටින්නේ ඒ අපහාස උපහාසම අද මරණයේ වේශයෙන් රටට ඇතුළු වී ඇති බව යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශීය තානාපති කාර්යාල හරහා ලබා ගත යුතු සහයෝගය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ලබා ගැනීමට වහාම ආණ්ඩු උනන්දු විය යුතු බවත්, ආපදා කළමනාකරණ යාන්ත්‍රණය වසර එකහමාරක් තිස්සේ අක්‍රීය බවත් නැවත වතාවක් සක්‍රිය කොට ව්‍යසනය මොහොතේ එහි ප්‍රයෝජනය ලබා ගත යුතු බවත් ඒ මහතා පැවසීය.

මේ දැඩි වියසනකාරී මොහොතේ සියළු පීඩනයන් දරා ගනිමින් කටයුතු කරන සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශය, මෙන්ම රාජ්‍ය සේවයේ අනෙකුත් ක්ෂේත්‍රයන් ද විශේෂ ඇගයීමකට ලක් කළ යුතු බවත් ඔවුන්ගේ කැප කිරීමට නිසි ඇගයීමක් සම වටිනාකමක් එක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොතේ වහාම ණය කළමනාකරණයකට යා යුතු බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව බංකොලොත් විය හැකි බවත් පැවසූ ඒ මහතා , එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද පැවසීය.

රට බංකොලොත් වූ පසු එය ප්‍රයෝජනයට ගෙන බලය ලබාගැනීමේ දේශපාලන න්‍යාය පත්‍ර තමන් ලග නැති බව පැවසූ ඒ මහතා දේශපාලනය කිරීමට පෙර රට ආරක්ෂා කර ගත යුතු බවද පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version