කාබුල් හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපල අද පෙරවරුවේ හදිසියේම වසා දැමීම නිසා ඇෆ්ගනිස්ථානයට පියාසර කරන ඉතිරි ගුවන් සමාගම් කිහිපයක කාලසටහන ව්‍යාකූල වී තිබේ.
ඇෆ්ගනිස්ථානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හෝ කාබුල් ගුවන් තොටුපලේ සිවිල් වැසියන් සදහා “නැවත දැනුම් දෙන තුරු වසා දමන” බවත් කාබුල්හි ගුවන් සීමාව “හමුදාවට මුදා හැර ඇති” බවත් ය.
සියලුම “සංක්‍රමණ ගුවන් යානා නැවත හරවා යැවීමට” සහ “කාබුල් ගුවන් කලාපය හරහා සිදුවන ඕනෑම ගමනාගමනය පාලනයකින් තොරව” සිදු වන බවට අනතුරු ඇඟවීය.
ඇෆ්ගනිස්ථානයේ සිට සිවිල් හා හමුදාමය ගුවන් යානා මගින් එරටින් ආරක්ෂිතව පිටත්ව යාමට පහසුකම් සැලසීම සඳහා ඇමරිකාව විසින් කාබුල් ගුවන් තොටුපලේ ගුවන් ගමනාගමන පාලනය භාර ගන්නා බව නිවේදනය කර තිබුණි. ඒ වෙනුවෙන් 6,000 කට ආසන්න භටයින් දක්වා පුළුල් කරන බව අමෙරිකාව පවසා ඇත.
කාබුල් අත්පත් තරගනිමින් තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථාන බලය තහවුරු කිරීමත් සමග කාබුල් ගුවන් තොටුපළ පාලනය කරගත නොහැකි තදබදයක් හටගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සිටින විදේශිකයන් ඉන් පිටත්වීමට උත්සහ කිරීම නිසයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ අමෙරිකාව දහස් ගණන් ඇමරිකානු පුරවැසියන් මෙන්ම කාබුල්හි එක්සත් ජනපද දූත මණ්ඩලයට දේශීයව රැකියා කරන කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් පිටතට ගැනීමට කටයුතු කරන බවයි.
එක්සත් ජනපදය කාබුල්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සිට කාර්ය මණ්ඩල සාමාජිකයින් 500 ක් පමණ අද ඇෆ්ගනිස්ථානයෙන් පිටත් කර හැර ඇත.
එක්සත් ජනපද පුරවැසියන් සහ තානාපති කාර්යාලයේ සේවය කරන ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ද ඇතුළත්ව, දළ වශයෙන් 4,000 පමණ වන එක්සත් සේවකයින් තවමත් රටින් පිටව යා යුතු බවට එරට වාර්තා පවසයි.