මුල් පිටුව දේශීය පුවත් ලෝකෙ ලොකුම මැණික හමුවූ කතාව බොරුවක් !

ලෝකෙ ලොකුම මැණික හමුවූ කතාව බොරුවක් !

0

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම මැණික රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ළිඳක් කැණීමේ දී හමුවූ බවට ප්‍රසිද්ධ වූ පුවත අසත්‍ය කරුණු මත පදනම් වූ නාට්‍ය පිටපතක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබේ.

රත්නපුරය හා මැණික් සම්බන්ධව වර්තා කිරීමේ අත්දැකීම් පරපූර්ණ මාධ්‍යවේදියෙකුවන ධර්මප්‍රිය ලියනආරච්චි මහතා සති අන්ත ජාතික පුවත්පතකට වාර්තාවක් සපයමින් මේ බව අනාවරණය කර ඇත.

අදාළ මැණික ලංකාවේ විශාලතම මැණික බව කියවුණ ද රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන්ම ඒ සම්බන්ධව දක්වන අදහස්වලින් මෙය මැරුණු ගලක් ලෙස හඳුන්වා දී තිබීමත් නිසා කිලෝ 510ක මෙම මැණික් ගල රුපියල් කෝටි 2000ක් වටින්නේ ද යන සැකය මතු වී ඇත.

කෙසේ වෙතත් මෙම චෝදනා නිශ්චිත ලෙස බැහැර කළ හැක්කේ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාටය. අදාළ ලිපිය මගින් මහා විශාල වටිනාකමක් ඇති බව කියූ මෙම මැණික කලක් බටුගෙදර පිහිටි ජෙම් බෑන්ක් ජෙම් මියුසියම් හි මිදුලෙ තබා තිබූවක් බවට ද ඉගි පළ කර ඇත.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version