තවත්
    මුල් පිටුවදේශීය පුවත්පීඩාකාරී හිසරදයට විසඳුම්

    පීඩාකාරී හිසරදයට විසඳුම්

    හිසරදය ඕනෑම කෙනෙකුට වයස් භේදයකින් තොරව දවසේ ඕනෑම වේලාවක ඇති වී දිනචර්යාවට බාධා එන ලෙස මේ හිස කැක්කුම ඇතිවීමට පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හිස කැක්කුම රෝගයක මුලික ලක්ෂණයක් වීමට ද පුළුවන්.

    ඒ නිසාම ඔබ අප සැම මුහුණපාන මේ පීඩාකාරී ගැටලුවට විසඳුම සොයා සුවෙන් සිටින්න මේ ලිපිය උපකාර වේවී.

    වෛද්‍ය උපදෙස්

    වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු

    ජේෂ්ඨ කතිකාචාර්ය

    ප්‍රජා වෛද්‍ය රජරට විශ්ව විද්‍යාලය

    සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව

    හිස කැක්කුම ඇතිවීමට බලපාන සාධක ගණනාවක් තියනවා.

    හිස කැක්කුම ඇතිවීමට බලපාන සාධක ගණනාවක් තියෙන්න පුළුවන්. ප්‍රධාන කොටස් 02 කට බෙදුවොත්, 01 ක් මානසික හේතුන් සමහරුන්ට ආතතිය මානසික ප්‍රශ්න නිසා ඒ අවස්ථාවේ දී සමහරුන්ට අධික තරහව, ප්‍රශ්න ගැන ඕනවටත් වඩා සිතීම, විභාග වැනි දෑ වල දී එන මානසික පීඩාවන් වැනි දෑ නිසා හිසරදය ඇතිවීමට බලපානවා.

    02 කරුණ නම් කායික හේතුන් නම්, ඉරුවාරදය වැනි තත්ත්ව Sinusitis නැත්නම් කෝශීර ප්‍රද්‍රහය සමහරුන්ට මොළයේ ඇති වන රුධිර නාල ආශ්‍රිත ප්‍රශ්න නිසා මොළය රුධිර නාල පිපිරි මොළය අභ්‍යන්තර ලේ ගැලීම තව මොළය ආශ්‍රීත ඇති වන ගෙඩියක් ටිකෙන් ටික ලොකු වන විට වැනි තත්ත්ව වල දී රෝග ලක්ෂණයක් ලෙස හිස කැක්කුම ඒමට පුළුවන්. මෙවැනි තත්ත්වයන් හිස කැක්කුම ඇති වූ විට නොසලකා හැරීම තුළ විශාල ගැටලු මතුවීමට පුළුවන්.

    Top 7 reasons you have a headache - Harvard Health

    හිසරදය හා බැඳුණු රෝගී ලක්ෂණ

    හිසරදය ඇති වන අවස්ථා අනුව එනම්, ක්ෂණික ( කෙටිකාලීන ) තත්ත්වයක් ද නැත්නම් ටික ටික වැඩිපුර දින 2/3 ක් එකදිගට නිතරම තදබල ලෙස හිස පැත්තක් කැක්කුම නැත්නම් මුළු හිසම එන කැක්කුමක් ද යන්න හඳුනාගත යුතුයි. උද්‍ර : ලෙස වමනය, සිරුරේ සමබරතාවය බිඳ වැටීම, සිරුරේ අවයවයක් පණ නැතිවීම, පෙනිමේ දුර්වලතා වැනි දෑ සමහරුන්ට කාලයක් ටිකෙන් ටික තිබිලා එක පාරට වැඩිවෙන්න පුළුවන්. මොළයේ වර්ධනය වන ගෙඩියක් නිසා පිටතට පෙන්වන රෝග ලක්ෂණයක් වීමට පුළුවන් හිස කැක්කුම.

    Sinusitis  නැත්නම් කෝශීර ප්‍රද්‍රහය දවසේ ඕනෑම වේලාවක ඇතිවන ක්ෂණික හිස කැක්කුමක් වීම පුළුවන්. මානසික ආතතිය නිසා ඇති වෙන්න පුළුවන් අභ්‍යන්තර නහර පිපිරීමක් නිසා සමහරකුට හිස කැක්කුම ඇති වෙන්න පුළුවන්.

    සමහරුන්ට මත්ද්‍රව්‍ය භාවිතය නිසා ද ඔළුව කැක්කුම ඇතිවෙන්න පුළුවන්. උද්‍ර : අරක්කු භාවිතය තුළ නහර පළල් වීමක් ඇතිවීම නිසා හිස කැක්කුම ඇතිවිමට හේතුව

    දවසේ උදය කාලය ඇති වී සවසට අඩු වී යන හිස කැක්කුම ඉරුවාරදය නිසා එන්න පුළුවන්.

    ඔක්කාරය හිස කැක්කුම සමඟ එනවා නම් මොළය ආශ්‍රීත ගැටලුකාරී තත්ත්වයක් වීමට ද පුළුවන්. අවයව පණ නැතිවීම මොළය ඇතුලේ ගෙඩියක් වෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ දී සමහරකුට පිට් එක ඇතිවීමට පුළුවන්.

    ආලෝකය දිහා බලන්න බැරි උද්‍රහරණ ලෙස ලයිට් එළිය දිහා බලන්න බැරි වැනි රෝග ලක්ෂණ මිග්‍රේන / ඉරුවාරදය වැනි අවස්ථා නිසා වෙන්න පුළුවන්.

    පීඩාකාරී රෝග ලක්ෂණයක් වන හිසරදය නිවැරදි ප්‍රථිකාරය ලබා ගැනීම තුළ ඔබට සුවෙන් සිටීමට පුළුවන්.

    හිස කැක්කුම නොසලකා හැරිය යුතු නැහැ වගේම බය විය යුතුත් නැහැ. සාමාන්‍යයෙන් හිස කැක්කුම බොහෝ විට ආතතිය නිසා ඇතිවීමට පුළුවන්. සමහරුන්ට ස්නානය කර පසු හිස කැක්කුම ඒමට පුළුවන් සිරුරේ සෙම තත්ත්වය නිසා සමහර අයට තද අව්වට ගිහින් ආ විට හිස කැක්කුම එන්න පුළුවන්. මෙවැනි හිස කැක්කුම ක්ෂණිකයි. සුළු වෛද්‍යමය ප්‍රතිකාරයක් ලබා ගත් පසු අඩු වී යාමට පුළුවන්.

    එහෙත් ඔබට කාලයක් තිස්සේ හිසරදය තුළ පීඩාවිදි නම් වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු අවස්ථා

    ඔබට එන මේ හිස කැක්කුම දිර්ඝ / කෙටි කාලීන වූවත් වෛද්‍යවරයකු හරහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

    විශේෂයෙන් වෛද්‍ය පර්යේෂණ / ස්කෑන් / මොළය ආශ්‍රීත පරික්ෂණ හරහා වෛද්‍යවරයා නියම කරන ප්‍රතිකාර වලට යොමු වීම ඔබේ ජිවිතය යහපත් නිරෝගීව ගත කරන්න පුළුවන්.

    සරල ප්‍රථමාධාර වලින් ක්ෂණික සහනය ලබා ගත්තත් වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත්

    First aid for headaches | Health Coomeva Magazine

    හිස කැක්කුම අවස්ථාවේ දී පැරසිටමෝල් භාවිතය කමක් නැහැ. හැබැයි ඔබ මෙයට ඇබ්බැහි නොවි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි. විශේෂයෙන් ඔක්කාරය වමනය තිබේ නම් වෛද්‍ය ප්‍රථමාධාර ගත යුතුයි.

    තව ද හිස කැක්කුම පහව යන තෙක් පහසු / නිදහස්ව සිටීමට සැලැස්වීම වැදගත්.

    දින චර්යාව හදා ගත යුතුයි.

    බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව නම් කෑම / බීම පාන ගැටලුවක් නැහැ.

    එහෙත් ඉරුවාරදය තිබෙන පුද්ගලයෙකු චොකලට්, තක්කාලි, ඉස්සෝ, කෝපි, කෙලවල්ලෝ ක්ෂණික ආහාර පාන භාවිතය සීමා කළ යුතුයි.

    වමනය/ඔක්කාරය අවස්ථා තුළ දී මිරිස් වැනි දේවල් භාවිතය සුදුසු නැහැ.

     සෙමට එන හිස කැක්කුම තුළ දී සීතල ආහාර පාන ගැනීම සුදුසු නැහැ.

    විශේෂයෙන් සුව නින්ද හොඳින් ජල පානය, භාවනා ක්‍රම, යෝග වැනි දේවල් වලට යොමු වීම හොඳයි.

    ඔබ පීඩා විඳින මේ සරල හිස කැක්කුම ලෙස පෙනුණ ද එහි සැගවුණු රෝගයක මුලික අවස්ථා විය හැකියි. ඒ නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වී සුවපත් නිරෝගී දිවියක භුක්තිය විඳිම ඔබට භාරයි.

    කේෂාණි සෙනවිරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img