මුල් පිටුව COVID තවත් කොවිඩ් මරණ 47ක් – ආසාදිතයෝ 1700ක්

තවත් කොවිඩ් මරණ 47ක් – ආසාදිතයෝ 1700ක්

0
Covid death

තවත් කොවිඩ් මරණ 47ක් ඊයේ (29) දින සිදුව ඇති බවට තහවුරු වීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,077ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුගේ බවට තහවුරු කර ඇත.

වයස අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 10ක් කාන්තාවන්ය.

මේ අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 34ක් ඊයේ දිනයේ දී කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,786කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 259,011ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,481ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 225,952ක් විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version