මුල් පිටුව උණුසුම් පුවත් මීළඟ මහඡන්දෙදි ගම්පහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි – යාපනයට 1ක් අඩුවෙයි

මීළඟ මහඡන්දෙදි ගම්පහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි – යාපනයට 1ක් අඩුවෙයි

0

අංජනා මල්ලවාරච්චි

2020 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 1 කින් වැඩි වී යාපනය දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 1 කින් අඩුවී තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ඉහළ ගොස් තිබෙන අතර යාපනය දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 සිට 6 දක්වා අඩු වී තිබේ.

2020 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඡන්ද හිමියන් සංඛ්‍යාව 172,000 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සමස්ත රටේම ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට හතර ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version