මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් කොවිඩ් මළ සිරුරට ආරක්ෂාව දෙමින් ගිය වෑන් රථය පෙරලී එස්.අයි මරුට

කොවිඩ් මළ සිරුරට ආරක්ෂාව දෙමින් ගිය වෑන් රථය පෙරලී එස්.අයි මරුට

0
accident

කොවිඩ් 19 වෛරස ආසාදිතව මිය ගිය 79 හැවරදි මුස්ලිම් කාන්තාවකගේ දේහය භූමදානය සදහා හැටන් සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා ප්‍රවාහනය කළ රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ වෑන් රථයක් අද (05) උදෑසන අනතුරකට ලක්ව පෙරළී ඇත.

එම අනතුර සිදුවන විට වෑන් රථයේ රියදුරුද සමග උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් , කොස්තාපල්වරු දෙදෙනෙක් සහ සිවිල් පුද්ගලයින් දෙදෙනක් ගමන්කරමින් සිට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

හැටන් සිට ගිනිගත්හේන මහනුවර හරහා මඩකලපුව බලා ගමන්කිරීමට නියමිතව තිබී ඇත. අනතුර සිදුව ඇත්තේ හැටන් – ගිනිගත්හේන මාර්ගයේ 59 වන කිලෝ මීටර් කණුව අසලදී බව අජිත් රෝහන මහතා පැවැසීය.

අනතුරෙන් වෑන් රථයේ සිටි උප පොලිස් පරීක්ෂක බෙනට් කුමාරසිංහ මහතා මියගොස් ඇති බවත් සෙසු අය තුවාල ලබා ඇති බවත් අජිත් රෝහන මහතා කීය. තුවාල ලැබූ පිරිස වටවල රෝහලට ඇතුළත් කර ඇත.

කොවිඩ් මළ සිරුර රැගෙන යමින් තිබුණු රථයට පසුපසින් මෙම වෑන් රථය ගමන් කර තිබී ඇත. කොවිඩ් මළ සිරුර වෙනත් පොලීසියක නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව රැගෙන යාමට පියවර ගත් බව ද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version