මුල් පිටුව දේශීය පුවත් කොවිඩ් වැළඳුණු බද්දේගම සමිත හිමි අපවත්වෙති

කොවිඩ් වැළඳුණු බද්දේගම සමිත හිමි අපවත්වෙති

0

ශ්‍රී ලංකා පාර්ලමේන්තුවේ පළමු මන්ත්‍රී හාමුදුරුවන් බවට පත් බද්දේගම සමිත ස්වාමින්වහන්සේ අද (30) දින අපවත්වූහ.

බද්දේගම ගනේගම ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරයේ වැඩවිසූ බද්දේගම සමිත හිමියෝ මෙරට දේශපාලනයේ මං සළකුණු තැබූ යථිවරයෙකි.

කොවිඩ්-19 රෝගයේ බරපතලකම කියාපාමින් බද්දේගම සමිත හිමි ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මීට මාස දෙකකට පෙර බෙදාහැර තිබූ අතර, එම වීඩියෝව මගින් ද උන්වහන්සේ කොරෝනා මාරයාගේ බියකරු බව පසක් කරමින් එක් රැස්වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ආයාචනා කළහ.

බද්දේගම සමිත හිමි පදනම ඇතුළු සංවිධාන රැසකට නායකත්වය දුන් බද්දේගම සමිත හිමි දේශපාලනයේ වෙනස්ම මතවාද පැල කරන්නට උත්සාහ දැරූ ස්වාමීන්වහන්සේ නමක් ලෙස ද ප්‍රකටය.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version