මුල් පිටුව දේශීය පුවත් දොළුකන්ද රක්ෂිතයේදී 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 යේ පෙම්වතා අත්අඩංගුවට

දොළුකන්ද රක්ෂිතයේදී 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 යේ පෙම්වතා අත්අඩංගුවට

0

දොළුකන්ද රක්ෂිතයට රැගෙන ගොස් සිය 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 හැවිරිදි සිසුවකු කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 13ක් වන මෙම ශිෂ්‍යාව නිකදළුපොත ඉහළ බාරුබේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. තවමත් පාසල් යන සිසුවියක් වන ඇය නිකදළුපොත පුහුල්හේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16වන ශිෂ්‍යයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ දෙදෙනා පෙම්සුව විදීමට දොළුකන්දප රක්ෂිතයට ගොස් සිටියදී සිසුවා විසින් සිසුවියව දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version