මුල් පිටුව දේශීය පුවත් සිරිපා කන්දෙන් පැන්න තරුණයා සොයා STF සහ කමාන්ඩෝ භටයින් දැඩි මෙහෙයුමක

සිරිපා කන්දෙන් පැන්න තරුණයා සොයා STF සහ කමාන්ඩෝ භටයින් දැඩි මෙහෙයුමක

0

ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණ උඩ මළුවේ සිට මද දුරක් රත්නපුර මාර්ගයෙන් බැස යමින් සිටියදී තරුණයෙන් පසුගිය 19 වෙනිදා කන්දෙන් පැන ඇතැයි සිරිපාගම පොලීසිය කියයි.

වයස අවුරුදු 27ක් වන මෙම තරුණයා සූරියවැව පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා දෙදරුපියෙක් බවත් ගොවියෙක් බවත් පොලීසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

ශ්‍රී පාද වන්දනාකිරීමෙන් අනතුරුව මෙම තරුණයා කන්ද බැසීමට පටන්ගෙන ඇත්තේ රත්නපුර මාර්ගයෙන් බවත් මද දුරක් පහලට ගොස් ඔහු කන්දෙන් පැන ඇති බවත් පොලීසිය කියයි.

මෙම තරුණයාව සොයා යුද හමුදා කමාන්ඩෝ බලකායත් පොලීස් විශේෂ කාර්ය බලකාය මෙන්ම අවට ගම්වල වැසියන්ද දැඩි වෙහෙසක් ගන්නා බව පොලීසිය සඳහන් කළේය.

මෙම තරුණයා ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇතැයි පැවසෙන්නේ කාන්තාවක් සමඟ බවත් එම කාන්තාවද හදුනාගෙන ඇති බවත් පොලීසිය කියයි. එම කාන්තාව ඔහුගේ බිරිඳ හෝ පවුලේ ඥතියෙක් නොවන බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා උඩ මළුවේදී පිස්සුවෙන් මෙන් විවිධ විකාර කථා පවසමින් සිට ඇති බවත් ඇතැම් විට ඔහු මේ පැමිණි ගමන බිරිඳ හෝ පවුලේ කිසිවෙක් විසින් දැන ගැනීමෙන් අනතුරුව ඔහු එසේ හැසිරෙන්නට ඇති බවත් පොලීසිය සැකකරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version