මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රකට දේශපාලනඥයකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට දේශපාලනඥයකු අභාවප්‍රාප්ත වෙයි

0

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයකු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසා තිබේ.

ඒ මහතා මියයන විට 64 වැනි වවියෙහි පසුවිය.

මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

මතුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාට අයත් ඉඩමක දී විදුලි සර වැඳීම හේතුවෙන් ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version