මුල් පිටුව උණුසුම් පුවත් ඊදුල් ෆීතර් උත්සවය අදයි

ඊදුල් ෆීතර් උත්සවය අදයි

0

මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් සමරන ඊදුල් ෆීතර් උත්සවය අදට යෙදී තිබේ.

නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහා පල්ලිය නිවේදනය කළේය.

රාමසාන් මාසය, ඉස්ලාමිය දින දර්ශනයේ නව වැනි මාසය යි.

රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමග පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය සැමරීම සිදුකරයි.

ශ්‍රී ලාංකිකයින් නෝම්බි යනුවෙන් හඳුන්වන්නේ මෙම රාමසාන් උපවාස සමයයි.

දුප්පතුන්ට සහ ඥාතින්ට පරිත්‍යාග ලබාදීම සිදුකිරීම යුතුකමක් බව ශුද්ධ වූ අල් කුරානයේ සඳහන් වේ.

ඉස්ලාම් බැතිමතුන් අනුගමනය කළ යුතු ධර්ම කරුණු පහෙන් එකක් ලෙසද එය සැළකේ.

අදට යෙදෙන රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුලු 7000කට වැඩි පිරිසක් මේ සඳහා යොදවා ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මේ අතර අදට යෙදී ඇති රාමසාන් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩය පහතින්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද සුබපැතුම් පණිවුඩය පහත දැක්වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉස්ලාම් බැතිමතුන්ට සිය සුබපැතුම් එක්කළේ මෙසේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version