මුල් පිටුව උණුසුම් පුවත් ගිනස් වාර්තාවට සැරසෙන ඇසක් අන්ධ අමෙරිකානු ගුවන් නියමුවා මත්තලට පැමිණේ

ගිනස් වාර්තාවට සැරසෙන ඇසක් අන්ධ අමෙරිකානු ගුවන් නියමුවා මත්තලට පැමිණේ

0

ආබාධිත ගුවන් නියමුවෙකු විසින් ලොව පුරා ගුවන් යානයකින් ගමන් කරමින් ගිනස් වාර්තාවක් තැබීමට සැරසෙන අමෙරිකානු පුරවැසියකු වන ගුවන් නියමු කපිතාන් ෂිනිජි මේඩා ‍සිය ලෝක සංචාරයේ එක් අතරමැදි නවාතැන්පොලක් ලෙස අද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගොඩබැස තිබේ.

එක් ඇසකින් අර්ධ වශයෙන් අන්ධව සිටින ඔහු BEACH CRAFT BONANZA P35 වර්ගයේ යානයකින් මෙලෙස මත්තලට පැමිණ ඇත.

වයස අවුරුදු 18 දී, රිය අනතුරක් හේතුවෙන් ඔහුගේ දකුණු ඇස් පෙනීම නැති විය.

ජපාන ජාතිකයකු වූ ඔහුට පවතින නීතිමය තත්වය නිසා ජපානයේ ගුවන් නියමුවෙකු වීමේ සිහිනය කිසි විටෙකත් ඉටු කර ගත නොහැකි විය.

කෙසේ වෙතත්, ඔහු සිහිනය ජයගත හැකි අමෙරිකාවට පැමිණ එරටදී බලලත් ගුවන් නියමුවෙකු බවට පත් විය.

දැන් ඔහු තම ශිෂ්‍ය ගුවන් නියමුවන් සමඟ පියාසර උපදේශකයෙකු ලෙස කටයුතු කරන්නේ පියාසර කිරීමට ඇති ආදරය හා ආශාව නිසාමය.

‘මට එය කළ හැකි නම් ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්’ යන පණිවිඩය ඔහු මිනිසුන්ට දෙමින් සිටීි.

එක්සත් ජනපදයේ සහ ජපානයේ දහස් ගණනක් දෙනා වෙත ළඟා වූ එම පණිවිඩයේ සැබෑ අරුත ලෝකයටම බෙදා දීම උදෙසා ඔහු මෙම ගිනස් වාර්තාවට සැරසෙයි.

අමෙරිකානු ගුවන් නියමු කපිතාන් ෂිනිජි මේඩා මත්තලට පැමිණි අවස්ථාව
කපිතාන් ෂිනිජි මේඩාගේ පැරණි සේයාරුවක්
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version