මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට ඓතිහාසික ජයක්

0

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති 20 විස්ස ක්‍රිකට් තරගාවලිය 02-01 ලෙස ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලි ජයක් ලබා ගත්තේය.

මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේ දී බදාදා දිනයේ දී පැවැත්විණි. පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 6කට ලකුණු 155ක් ලබාගත්තේය. අනතුරුව ජයග්‍රහණය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19 පන්දු එකක දී කඩුළු හයකට ලකුණු 156ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

තරගයේ වීරයා සම්මානය හිමිකරගත් නායක චමරි අතපත්තු පන්දු හතළිස් හයකදී ලකුණු 73ක් ලබා ගත්තාය. ඇයට අනගි සහයක් දුන් හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණය දක්වා කඩුල්ලේ රැදෙමින් ලකුණු 54ක් ලබා ගත්තාය. මෙම තරගයේ පන්දුවෙන් දස්කම් පෑ සුගන්ධිකා කුමාරි පන්දුවාර හතරකදී ලකුණු 24කට කඩුළු 3ක් ලබා ගත්තාය.

තරගාවලියේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ ලවුරා වොල්වට් හිමිකර ගත්තාය.

දකුණු අප්‍රිකාව 155/6 (20)

ශ්‍රී ලංකාව 156 /6 (19.1)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version