මුල් පිටුව special ISAC-2024 කොළඹ ආනන්ද විද්‍යාලයේදී අතිසාර්ථකව පැවැත්වෙයි

ISAC-2024 කොළඹ ආනන්ද විද්‍යාලයේදී අතිසාර්ථකව පැවැත්වෙයි

0

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාසල් නිවේදක සහ මාධ්‍යවේදී දක්ෂයින් හඳුනාගෙන සිය හැකියා පිළිඹිබු කිරීමේ වේදිකාවක් ලෙස තැනුණු ‘අන්තර් පාසල් නිවේදන තරඟයේ’ මෙවර තරගය ‘ISAC-2024’ සාර්ථක ලෙස ඊයේ(31) දිනයේදී කොළඹ ආනන්ද විද්‍යාලයීය පරරිශ්‍රයේදී පවත්වා තිබේ.

ජාතික මට්ටමින් රාජ්‍ය අනුමැතිය ඇතිව පවත්වනු ලබන එකම සහ දැවැන්ත සමස්ත ලංකා නිවේදන තරඟය ලෙස මෙය කීර්තියක් අත්කරගෙන සිටී.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විකාශන ඒකකය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම තරඟයේ මෙවර පැවැත්වුණු ISAC 2024 සඳහා ද එම විද්‍යාලය සත්කාරකත්වය සැපයී ය.

භාෂා 3න්ම පවත්වනු ලැබූ මෙම තරගය සඳහා දිවයින පුරා පාසල් 300කට අධික සංඛ්‍යාවකින් 1500කට වැඩි තරගකරුවන් පිරිසක් සහභාගි විය.

මෙම තරගය මුල්වරට ආරම්භ කරන ලද්දේ 2000 වසරේදී ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version