මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් පාස්කු රහස හරහා රටවල් 2ක් අතර ගැටුමක් හදන්න මෛත්‍රීගේ වෑයමක්

පාස්කු රහස හරහා රටවල් 2ක් අතර ගැටුමක් හදන්න මෛත්‍රීගේ වෑයමක්

0

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකලේ කවුරුන්දැයි කියා තමන් දන්වා බව මහනුවරදී ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ ගැන කළ ප්‍රශ්න කිරීමේදී අසල්වැසි රටක් සමඟ ඇති හොදහිත පළුදු කිරීමේ කථාවක් පවසා ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

අදාල රටේ සුවිශේෂි දිනයක් වෙනුවෙන් එම රටේ තානාපතිවරයාගේ නිල නිවසේ පැවති උත්සවයක ආරාධිතයෙක් ලෙස මෑතකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවී ඇත.

එම උත්සවයට සහභාගිවූ තමා අසුන් ගෙන සිටි ස්ථානයට යාබද අසුනේ සිටි පුද්ගලයෙකු විසින් තමාට ඒ රහස කියූ බව මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත. එම පුද්ගලයා අදාල රටේ සාමාජිකයෙකු බවත් තමා ඔහුව හදුනන්නේ නැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු සහ මැති ඇමතිවරු රැසක්ද සහභාගිවී සිට ඇත. ඒ හැරුණු කොට ආණ්ඩුකාරවරුන්ද සහභාගිවී සිට ඇති බව සඳහන්ය.

අදාල උත්සවය ආරම්භයේදී මුල්පුටුවල මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අසුන් ගෙන සිට ඇත්තේ ද හිටපු ජනාධිපතිවරයෙක්, ආණ්ඩුකාරවරයෙක්, අදාල රටේ තානාපති සහ මැති ඇමතිවරු කිහිප දෙනෙක් පමණී. ඒ බව පෙනී යන්නේ අදාල උත්සවයට අදාල ඡායාරූප නිරීක්ෂණයේදීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සිදුකරනු ලබන්නේ සැබෑ ප්‍රකාශයක්දැයි කියා දැනගැනීමට ඉදිරියේදී අදාල තානාපති කාර්යාලයේ සහය ලබාගෙන එම උත්සවයට සහභාගිවී සිටි පිරිස හා මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කථාබහකරමින් සිටියේ කවුරුන් සමගින්දැයි සොයා විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ඇත.

ඊට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැදවා ඔහුගෙන් ඒ ගැන නැවත අධිකරණය හමුවේ ප්‍රකාශයක්ද ලබාගැනීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version