මුල් පිටුව special අධික රස්නෙ නිසා මළ දරු උපත් -ගබ්සා වීම් ඉහළට

අධික රස්නෙ නිසා මළ දරු උපත් -ගබ්සා වීම් ඉහළට

0

අධික උණුසුම් පරිසරයන් හී කල්ගෙවන කාන්තාවන් අතර මළ දරු උපත් සහ ගබ්සා වීම් ඉහළයාමේ ඉඩක් පවතින බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වේ.

මෙම පර්යේෂණය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පදනම් කරගෙන ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය විසින් 2017 වර්ෂයේ සිට ගැබිනි කාන්තාවන් අටසීයක් යොදා ගනිමින් සිදුකර තිබිණි.

එ් අනුව පර්යේෂණයෙන් අනාවරණය වූ කරුණු අනුව මීට පෙර අපෙක්ෂා කළ මට්ටමට වඩා අධික උණුසුම් පරිසර තත්ත්ව වල සිටින කාන්තාවන් අතර මළ දරු උපත් සහ ගබ්සා වීම් ඉහළයාමක් පවතින බවට අනාවරණය වී ඇත.
මේ අතර පර්යේෂකයන් පවසන්නේ උණුසුම් නිවර්තන දේශගුණ තත්ත්ව වල සිටින කාන්තාවන්ට පමණක් නොව, එක්සත් රාජධානිය වැනි රටවලට කාන්තාවන්ට මෙම තත්ත්වයයන් බලපාන බවයි.

මෙම පර්යේෂණය සඳහා එක්වූ කාන්තාවන්ගෙන් අඩක් පමණ දැඩි උණුසුම් පරිසර තත්ත්වයන්ට මුහුණ දෙන පිරිස වේ. ඔවුන් බහුතරයක් කෘෂි කාර්මික, ගොඩොල් නිෂ්පාදන සහ ලුණු ලේවායන් වැනි අධික උණුසුම් තත්ත්ව වල රැකියා කරනු ලබයි. එමෙන් අනෙක් පිරිස පාසල්, රෝහල් වැනි ස්ථාන වල සේවය කළ එම පිරිස තුලද දැඩි උණුසුම් තත්ත්වයන් වලට මුහුණ දෙන පිරිස සිටින බවටද අනාවරණයවේ.
කෙසේ වෙතත් කුමණ උණුසුම් තත්ත්වයක්ද වඩා ආරක්ෂාකාරී යන්න සම්බන්ධයෙන් මේවන තෙක් තොරතුරු අනාවරණය කර ගැනීමට අවස්ථාව හිමි වී නොමැත. මේ අතර පර්යේෂකයින් පවසන්නේ අදාල පුද්ගලයාගේ ශාරීරික තත්ත්වය මත තීරණය වන බවයි.

මෑත කාලයේදී කාලගුණ විපර්යාසයේ දැඩි බලපෑමක් දකුණු ආසියාන කළාපයට බලපා ඇති අතර එහිදී ඇති වන අධික උණුසුම් කාලගුණ තත්ත්වයන් මළ දරු උපත් සහ ගබ්සා වීම් වර්ධණය විමට හැකියාවක් පැවතිය හැකි බවද පර්යෝෂකයින් පෙන්වා දෙයි.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version