මුල් පිටුව උණුසුම් පුවත් කෝප් කමිටුවේ තවත් පිරිසක් හෙටත් ඉවත්වෙන්න සූදානමින්

කෝප් කමිටුවේ තවත් පිරිසක් හෙටත් ඉවත්වෙන්න සූදානමින්

0

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකයන් තවත් පිරිසක් හෙට දිනයේද ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද ඒ අතර වන බව සඳහන් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, නලින් බණ්ඩාර යන මහත්වරුන් ද සමඟ මේ වනවිට මන්ත්‍රීවරුන් 8 දෙනකු කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වී සිටී.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, මහාචාර්ය චරිත හේරත්, දයාසිරි ජයසේකර, හේෂා විතානගේ, නලින් බණ්ඩාර , එස් . එම්. මරික්කාර්, ගාමිණි වලේබොඩ හා ෂානක්‍යයන් රාසමාණික්කම් යන අය ද කෝප් කමිටුවෙන් ඉවත් විය.

කෝප් කමිටුවේ සභාපතිත්වයට රෝහිත අබේගුණවර්ධන මහතා පත්කිරීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ විවේචන එල්ල වූ අතර ඒ අනුව පැය 24ක් තුළදී මෙලෙස සාමාජිකයන් දෙනකු ඉවත්ව සිටී.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version