මුල් පිටුව උණුසුම් පුවත් රස්නෙ මදිවට වායුගෝලයත් අහිතකර මට්ටමට ඇවිත්

රස්නෙ මදිවට වායුගෝලයත් අහිතකර මට්ටමට ඇවිත්

0

මෙරට දිස්ත්‍රික්ක කිහිපයක වායුවේ ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙනි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල , බදුල්ල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි.

ඒ අනුව, කුරුණෑගල ඒකක 102, බදුල්ල ඒකක 106 සහ අනුරාධපුර ඒකක 104, ලෙස වායු ගුණාත්මකභාවය පවතින බව සඳහන් වේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙස වගකිව යුතු ආයතන දැනුම් දෙයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version