මුල් පිටුව උණුසුම් පුවත් අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය දෙන්න අවශ්‍යයි -චීන ජනපති

අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය දෙන්න අවශ්‍යයි -චීන ජනපති

0

 
අධිගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කරමින්  ඵලදායීතාව සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින ජ්‍යංසු පළාතේ නියෝජිත කණ්ඩායම සමග ඊයේ (5) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ය.
 
විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයට මනාව මුහුණ දෙමින් නව කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු බවත්,  ප්‍රමුඛ පෙළේ කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
 
එසේම නව බලශක්ති භාවිතය ද පුළුල් කළ යුතු ය. නව තාක්ෂණය යොදාගෙන සාම්ප්‍රදායික කර්මාන්ත වැඩිදියුණු කරමින් ඒවා බුද්ධිමය හා හරිත කර්මාන්ත ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version