මුල් පිටුව උණුසුම් පුවත් 2024 දී ඇවිදින්න යන්න ලෝකයේ හොඳම තැන ශ්‍රී ලංකාවේ (📸)

2024 දී ඇවිදින්න යන්න ලෝකයේ හොඳම තැන ශ්‍රී ලංකාවේ (📸)

0

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගම්මාන මැදින් තේ වතු පසුකරමින් ගමන් කරන සැතපුම් 200කට පමණ දුරක් ඇති Pekoe Trail, 2024 වසරේ වික්‍රමාන්විත සංචාරයට ලොව හොඳම තැන ලෙස National Geographic පාඨක මනාපයෙන් තේරී පත්වී තිබේ.

ඇවිදීමට, කඳු නැගීමට, ත්‍රාසයට කැමති සංචාරකයන්ගේ සිත් ගත් ලොව අපූර්වතම ස්ථාන 20ක් National Geographic විසින් පසුගියදා නම්කළේ සිය පාඨකයන්ට ඉන් හොඳම ස්ථානය නම්කිරීම සඳහා වන ඡන්දයක් පවත්වමිනි.

ශ්‍රී ලංකාවේ Pekoe Trail ඉන් හොඳම ස්ථානයට පත්ව ඇත්තේ හිතුමතේ ඇවිද යා හැකි අපූර්වතම මාර්ගය ලෙස නම් කරමිනි.

Pekoe Trail යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා ගමන් කරන කිලෝමීටර් 300+ පමණ වන ඇවිදීමේ මාර්ගයකි. ශ්‍රී ලංකාවේ කඳුකර භූමි ප්‍රදේශ, ඉතිහාසය, සංස්කෘතිය, ආහාර සහ ගම්වැසියන් අතරේ සංචාරකයන්ට පා ගමනින් ගොස් නරඹන්නන්ට, කතා කරන්නට, රස විඳින්නට ඉඩ සැලසීම සඳහා නිර්මාණය කරන ලද ඇවිදීමේ මංපෙත් මාලාවක පළමු මාර්ගයයි.

මේ මාර්ගය National Geographic විසින් හඳුන්වා තිබූ ආකාරය ඇසුරින් පහත සටහන ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකාව තේ වලට සමාන පදයක් වැනි ය. මේ දිවයින, ලොව ඉහළම තේ නිෂ්පාදකයන් අතරින් එකකි. දැන් සංචාරකයන්ට මේ නව මාවතේ ඓතිහාසික වැවිලිකරුවන්ගේ අඩිපාර සොයා ගත හැකි ය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවති වසර 200 කට පමණ පෙර තේ පළමු පඳුර හඳුන්වා දී තිබේ. දැන් අමුත්තන්ට රටේ පළමු දිගු දුර ඇවිදීමේ මාර්ගය වන සැතපුම් 200කට ආසන්න නව පෙකෝයි ට්‍රේල් මාර්ගයේ ඓතිහාසික වැවිලිකරුවන්ගේ අඩිපාර සොයා ගත හැකිය.

මහනුවරට ඔබ්බෙන් ආරම්භ වන මෙම මාර්ගය 19 වන සියවසේ කම්කරුවන් සහ අශ්ව කරත්ත මගින් නැවුම් ලෙස නෙළන ලද තේ කොළ ප්‍රවාහනය කරන ලද ධාවන පථය අනුගමනය කරයි. කඳු නගින්නන්ට, ඇවිදින්නන්ට ඒ අපූරු කඳුකරයේ ගම් නගර සහ තේ වතු හරහා ගමන් කරන අතරේ ඉවුම් පිහුම් කරන තැනක හෝ සුගන්ධවත් ‘සිලෝන් ටී’ කෝප්පයක් රස විඳීමටත් ඉඳහිට නැවතී යා හැකි ය.

National Geographic විසින් නම්කර තිබූ 2024 වසරේ වික්‍රමාන්විත සංචාරයට ලොව හොඳම තැන් 20 පහතින්.

  1. අශ්ව සෆාරියට කෙන්යාවේ යන්න

  2. ඔලිම්පික් මැරතන් ධාවනයට පැරිසියේ යන්න

  3. කඳු අතරින් ලිස්සා යන්න ජෝර්ජියාවේ යුනෙස්කෝ අඩවිවලට යන්න

  4. වලසුන් බලන්න ඇලස්කාවේ කැට්මෙයි ජාතික උද්‍යානයට යන්න

  5. කියෝතෝ හිදී සජීවී සංගීතයට සවන් දෙන්න

  6. කොලොම්බියාවේ මග්දලේනා ගංගාව හරහා යාත්‍රා කරන්න

  7. නිව්මෙක්සිකෝවේ 66-මඟ‍ේ මාර්ග චාරිකාවක් යන්න

  8. ඇල්ජීරියාවේ පැරණි කලාව ගවේෂණය කරන්න

  9. බටහිර ඕස්ට්‍රේලියාවේ මෝරුන් එක්ක කිමිදෙන්න

  10. පැනමාවේ ගිනි කන්දක් නගින්න

  11. නයගරා ඇල්ලේදී සූර්යග්‍රහණයක් අල්ලා ගන්න

  12. චිලී හිදී ග්ලැසියර් තරණය කරන්න

  13. මෙනොර්කාවලදී කාලයේ ආපස්සට ගමනක්

  14. ස්කොට්ලන්තයේ පීලි උඩින් අතීත දුම්රිය ගමනක් යන්න

  15. තායිලන්තයේ සැබෑ රසය සොයාගන්න

  16. ශ්‍රී ලංකාවේ තේ මංපෙත් දිගේ ඔහේ ඇවිදන් යන්න

  17. සාඕ පෝලෝ කලා කෞතුකාගාරයේ අසිරිය විඳින්න

  18. වේග යාත්‍රාවට බටහිර වර්ජිනියාවට යන්න

  19. හඩ්සන් නිම්නයේ පෞරාණික බව අත්විඳින්න

  20. බ්‍රිටිෂ් කොලොම්බියාවේ වතුර මත නිදියන්න

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version