මුල් පිටුව special කැරම් ක්‍රීඩාවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ද්විත්ව ශූරතා

කැරම් ක්‍රීඩාවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ද්විත්ව ශූරතා

0

10 වැනි සංචාරක වෙළෙඳ සේවා පිරිමි සහ කාන්තා කැරම් ශූරතාවලියේදී ශ්‍රීලංකන් ගුවන් සේවය ද්විත්ව ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ.

පසුගිය දා නිමාවට පත් වූ මෙම තරගාවලියේ පිරිමි ශූරතාව ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායමට හිමි විය.

අනුශූරතාව හිමිවූයේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ “B” කණ්ඩායමට ය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ “A” කණ්ඩායම නියෝජනය කළ G.S.N සේනාධීර සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ කාන්තා ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ “C” කණ්ඩායම සමත්විය.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version