මුල් පිටුව දේශීය පුවත් සිවිල් වැරදිවලට දඬුවම් ලබන සිරකරුවන් නිවාස අඩස්සියේ තියන නීතිය මේ වසරේ එයි

සිවිල් වැරදිවලට දඬුවම් ලබන සිරකරුවන් නිවාස අඩස්සියේ තියන නීතිය මේ වසරේ එයි

0

සිවිල් වැරදි සම්බන්ධ වැරදිකරුවන් වන සියලුදෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් මෙම වසරේ දී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ වර්තමානයේ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

මේ සඳහා නීති සකස් කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව ලබාදීමෙන් පසු මේ වනවිට නීති කෙටුම්පත් අංශය මගින් අදාළ නීති සකස් කරමින් පවතින බව හෙතෙම කීය.

එම කටයුතු නිමවීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කිරීම මෙම වසරේදීම සිදු කරන බවත් ඔහු අවධාරණය කරයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇප පනත වැනි පනත් කිහිපයක් සංශෝධනය කිරීමට සිදුවන බව ද ඔහු සඳහන් කර ඇත.

Photo – File Photo

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version