මුල් පිටුව special යුක්‍රේනය අවි මිලදීගැනීමේදී මහාපරිමාණ වංචාවක්

යුක්‍රේනය අවි මිලදීගැනීමේදී මහාපරිමාණ වංචාවක්

0

යුක්‍රේනයට අවි මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 40ක වංචාවක් සිදුව ඇති බව එරට ආරක්ෂක අංශ අනාවරණය කරයි.

ඒ අනුව රුසියාව සමඟ පවතින ගැටුම්වලට මුහු දීම සඳහා අවශ්‍ය කරනු ලබන අවි ලබාගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවල දැඩි අක්‍රමිකතා සිදුව ඇති බවත් එහිදී මෙලෙස මුදල් වංචාවන් සිදුව ඇති බව අනාවරණය වන බව යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කරයි.

මෙම වංචා සම්බන්ධයෙන් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පස් දෙනෙකු සහ අවි සැපයුම්කරුවකු පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට 2022 වර්ෂයේ අගෝස්තු මාසයේදී මෝටාර් උණ්ඩ ලක්ෂයක් සඳහා ගිවිසුමක් අත්සන් කළ බවට සඳහන් වන අතර ඊට අදාල මුදල් ගිවිසුම අත්සන් කිරීමත් සමඟම විදේශ රටක ගිණුමකට ගෙවා ඇති බවටද අනාවරණය වේ.

කෙසේ වෙතත් මුදල් ගෙවීම කළ මෝටර් උණ්ඩ කිසිවක් යුක්‍රේනයට ලැබි නොමැති බවද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

මුල්‍ය වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටවල් අතර යුක්‍රේනයට සිටින අතර එම තත්ත්වය යුද ගැටුම් පවතින කාලයක් තුලදීද අඛණ්ඩව පවතින බවට මෙම සිදුවීම සාක්ෂි දරන බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version