මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් යුක්තියේ නාමයෙන් අයුක්තියට ඉඩදෙන පොලිස් නිලධාරීන්ට වැඩවරදින ලකුණු

යුක්තියේ නාමයෙන් අයුක්තියට ඉඩදෙන පොලිස් නිලධාරීන්ට වැඩවරදින ලකුණු

0

යුක්තියේ නාමයෙන් අයුක්ති වැඩ කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණයකර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වී ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡාකර ඒකමතිකව මෙම තීරණයට එළඹ තිබේ.

ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කරනු ලැබීය.

එම නිවේදනය මෙසේය.

“ රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින මත් උවදුර පාලනය කිරීම සහ සංවිධානාත්මක අපරාධ වැලැක්වීම සඳහා පොලිස්පතිවරයාගේ අධික්ෂණය සහ මෙහයැවීම යටතේ ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමේ අරමුණ පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති අතර එය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුලින් ප්‍රචාරය වන කරුණු මෙන්ම මහජනතාව විසින් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති මහජන පැමිණිලි පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව දීීර්ඝ ලෙස අධ්‍යනය කරන ලදි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව පහත සඳහන් කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඒ අනුව කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දීමට තීරණයකර ඇත.

  • රටේ පවත්නා නීතිමය රාමුව තුළ , නීතියෙන් නියමකරන ලද ආකාරයට කටයුතු සිදුකරන ලෙස,

*ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කිරීමට බැඳී ඇති මූළික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු සිදුකිරීීමට වගබලා ගන්නා මෙන් සියලු නිලධරයන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට සිදුවන බව,

ඒ අනුව ඉහත උපදෙස් පරිදි ක්‍රියාකිරීමට සියලුම පොලිස් නිලධරයන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන එසේ ගන්නා ලද පියවර සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස වැඩිදුරටත් දන්වා ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version