මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් සංචාරක ක්ෂේත්‍රයේ ගමන සුබයි

සංචාරක ක්ෂේත්‍රයේ ගමන සුබයි

0

ජනවාරි මස පළමු වැනි දින සිට 04 වැනි දින දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 25,619 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් 5,060 දෙනෙකු රුසියාවෙන් පැමිණ ඇති අතර, ඉන්දියාවෙන් ද සංචාරකයන් 3,333 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඊට අමතරව ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ අමෙරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පසුගිය වසර තුළ පමණක් සංචාරකයින් දා හතර ලක්ෂ අසූ හත්දහස් තුන්සිය තුන් දෙනෙක් දිවයිනට පැමිණ ඇති අතර, මේ වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 23 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version