මුල් පිටුව COVID මහනුවරට කොවිඩ් එන්නත ලබන සතියේ සිට

මහනුවරට කොවිඩ් එන්නත ලබන සතියේ සිට

0

අංජනා මල්ලවආරච්චි

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ලබන සතියේදී ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදෙන බව ද ඇමතිවරයා කීවේය.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් 50,000ක් මෙරටට ලැබීමට නියමිත බවද එම එන්නත් තොග සියල්ල මහනුවර දිස්ත්‍රික්කයට ලැබෙන බව ද ඇමතිවරයා කීවේය.

වැඩි අවදානම් තත්ත්වයක් පෙන්වන කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර, මහනුවර නගර සීමාව, ගඟවටකෝරළේ ආදී ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවක් හිමිවන බව ද ඔහු කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version