මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පහත වැටීමක් -රැකියාත් අඩුවෙයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පහත වැටීමක් -රැකියාත් අඩුවෙයි

0

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් ගෙවුණු නොවැම්බරයේදී පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය නොවැම්බර් මාසයේදී 44.3ක අගයක් වාර්තා කර ඇති බව අද(29) නිකුත් කළ මහබැංකු වාර්තාවකින් අනාවරණය කර ඇත.

නව ව්‍යාපෘති අඩු මට්ටමක පැවතීම ඊට බලපෑ එක් හේතුවකි.

එමෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අදාළ කටයුතු අවසන් අදියරේ පැවතීම ද සමස්ත ක්‍රියාකාරකම් අඩුවීමට හේතු වී ඇත.

පෙර මාසයට සාපේකෂව නොවැම්බර් මාසයේදී නව ඇණවුම් පහත වැටීමක් වාර්තා කර ඇත.

කෙසේ වුවද, ඉදිරි වසරේ මුල් භාගය වන විට, විශේෂයෙන් රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වීමට නියමිත නව ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් ප්‍රදානය කෙරෙනු ඇතැයි අපේකෂා කෙරේ.

වත්මන් වාතාවරණය තුළ අවම සේවක සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට සමාගම් කටයුතු කරමින් සිටී.

එම නිසා සේවා නියුක්තිය ද අඛණ්ඩව පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

තවද, ඉදිකිරීම් කටයුතුවල පහත වැටීමත් සමඟ, තොග මිලදීගැනීම් ප්‍රමාණය ද අඩු වී ඇත.

ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළදී ද ඉහළ අගයක පැවතුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version