මුල් පිටුව special ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට තවත් ගුවන් යානයක්

ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට තවත් ගුවන් යානයක්

0

ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර් බෙල්ජියම් ගුවන් සමාගමෙන් පුළුල් බඳ සහිත එයාර්බස් A330-200 ගුවන් යානයක් කුලී පදනමට ලබාගෙන සිය මෙහෙයුම් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

wet-leased කල්බදු පදනම මත ලබාගන්නා ලද මෙම ගුවන් යානය අද මෙරටට පැමිණ ඇත.

මෙම යානය, ව්‍යාපාරික පන්තියේ ආසන 22ක් සහ පිරිමැසුම් පන්තියේ ආසන 240කින් සමන්විත ය.

මෙම ගුවන් යානය, ලබන 29 දින සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්‍රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි ගමනාන්ත අතර ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව මේ වනවිට පටු බඳ සහිත ගුවන් යානා 12ක් සහ පුළුල් බඳ සහිත ගුවන් යානා 11ක් ‍ඇත.

එයාර් බෙල්ජියම් වෙතින් දෙවන ගුවන් යානය ද 2024 ජනවාරි මැද භාගයේදී ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණියට එක්වීමට නියමිතය.

සබැඳි පුවත් – ශ්‍රීලංකන් ගුවන්යානා ඇණියට නව ගුවන් යානයක්

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version