මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් නොවැම්බරයේ උද්ධමනය ඉහළට

නොවැම්බරයේ උද්ධමනය ඉහළට

0

නොවැම්බර් මාසයේ උද්ධමනය 2.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී 1%ක් අගයක පැවති උද්ධමනය මෙලෙස 2.8%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඔක්තෝම්බර් මාසයේ දී -5.2% ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ දී -2.2%ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, ඔක්තෝම්බර් මාසයේ දී 6.3 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද නොවැම්බර් මාසයේ දී 7.1%ක් දක්වා වැඩි වී ඇත.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version