මුල් පිටුව උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිවන්න ගුවන් හමුදාවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිවන්න ගුවන් හමුදාවත්

0

කොළඹ වරායට නාවික සැතපුම් 10 ක් පමණ නැංගුරම් ලා සිටියදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති “එක්ස්ප්‍රෙස් පර්ල්” බහාලුම් නෞකාව ගින්න නිවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් -212 හෙලිකොප්ටර යොදවා තිබේ.

අද පැවති අයහපත් කාලගුණය මධ්‍යයේ රත්මලාන ගුවන් හමුදා කදවුරේ සිට බෙල් -212 හෙලිකොප්ටරයක් ​​කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පිටත් වූ අතර එහිදී වියළි රසායනික කුඩු හෙලිකොප්ටරයේ පටවා ඇත.

ගින්න හටගත් නෞකාව මතට බෙල් -212 යාත්‍රාවේ වියළි රසායනික කුඩු කිලෝග්‍රෑම් 425 ක් සාර්ථකව පහතට දමා ඇත.

මෙම හෙලිකොප්ටරය වින්ග් කමාන්ඩර් ප්‍රසන්න ගුණරත්න විසින් මෙහෙයවන ලද අතර සම නියමු බලඝන නායක රෙහාන් ගූණතිලක විසින් මෙහෙයවූ බව ගුවන් හමුදාව කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version