මුල් පිටුව විදේශීය පුවත් GOSSIP ධජ‍යේ පැහැයෙන් වේදිකාව බැබළවූ නිකරගුවා රූමතිය විශ්ව රූ රැජින වෙයි (📹)

ධජ‍යේ පැහැයෙන් වේදිකාව බැබළවූ නිකරගුවා රූමතිය විශ්ව රූ රැජින වෙයි (📹)

0

2023 විශ්ව රූ රැජින ලෙස නිකරගුවාවේ ෂීනස් පැලෑසියෝස් කිරුළ හිමිකරගෙන තිබේ.

එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝර්හිදී පැවති අති උත්කර්ශවත් උළෙලේදී ඇය මෙවර විශ්ව රූ රැජිණ කිරුළ පැළැඳියාය.

මධ්‍යම අමෙරිකාවේ විශාලතම රාජ්‍යය වන නිකරගුවා ජනරජය මෙම කිරුළ හිමිකරගත්තේ ප්‍රථම වතාවටයි.

23 හැවිරිදි ඇය කිරුළි පළඳින උත්සවයේදී අවසන් වටය සඳහා ඇඳ සිටියේ සිය රටේ කොඩියේ පැහැයන්ගෙන් සමන්විත පළිඟු කැටවලින් අලංකාර කරන ලද ගවුමක් වීම කාගේත් කතාබහට ලක්විය.

පැලෑසියෝස් මෙලෙස කිරුළ ජයග්‍රහණය කළේ First runner-up ලෙස තායිලන්තය නියෝජනය කළ ඇන්ටෝනියා පෝර්සිල්ඩ් සහ Second runner-up වූ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ මොරයා විල්සන් පරදවමිනි.

“නිකරගුවා, ‍මගේ හදවතට ඔබව දැනෙනවා, මගේ ලේනහර සිසාරා ගලන්නේ ඔබේ මාරිම්බා හඬයි. මම මගේ පැවැත්ම තුළ ගිනි කන්දක ශක්තිය රැගෙන, ඒ ඔටුන්න ඔබ වෙත ගෙන එන්න මම සූදානම්.” මේ කිරුළ පැළැඳි ඇයගේ වචන ය.

මෙවර විශ්ව රූ රැජින තරඟයට රටවල් 86 ක තරඟකාරියන් කිරුළ සඳහා තරඟ වැදුණි.

මෙවර විශ්ව රූ රැජිණ තරඟයේ උත්කර්ශවත්ම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින් දැක්වේ.

https://newswave.lk/wp-content/uploads/2023-miss-universe-newswave-lk.mp4

2023 විශ්ව රූ රැජිණ කිරුළ පැළඳවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version