මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් කට වැහුවේ කාගෙද? -කෝප් සභාපති කියයි (📹)

කට වැහුවේ කාගෙද? -කෝප් සභාපති කියයි (📹)

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කොප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සාමාජිකයන් ප්‍රශ්න කරන අතරතුර තමා ‘හස්ත සංඥාව’ (Hand Signal) ලබාදුන් හේතුව පිළිබඳ කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කර තිබේ.

සභාපතිවරයාගේ හස්ත සංඥා ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස මන්ත්‍රීවරු කිහිපදෙනකු විසින් කථානායකවරයාගෙන් අද මැතිසබේදී ඉල්ලා සිටියහ.

කමිටුවේ සියලුම සාමාජිකයන් මෙන්ම ආරාධිත මන්ත්‍රීවරු විශාල පිරිසක් ද ඊයේ ක්‍රිකට් බලධාරීන්ගන් ප්‍රශ්න කරනු ලබන කෝප් හමුවට පැමිණ සිටි බවත්, එම අවස්ථාවේ පාලනයක් සිදුවිය යුතු බවට තමාට හැඟී ගිය හෙතෙම කීය.

ෆේස්බුක් වැනි සමාජ ජාලාවල දකින දේ කෝප් කමිටුවේදී විමසිය නොහැකි බවට ක්‍රීඩා අමාත්‍යවරයාට සිහිපත් කළ සභාපතිවරයා වැඩිදුරටත් කීවේ විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පමණක් ප්‍රශ්න අසන ලෙසටත් එක් අයකු පමණක් වරකට කතාකරන ලෙස තම සාමාජිකයන්ට හස්ත සංඥාව මගින් තමා පැවසූ බවය.

කෝප් කමිටුව දේශපාලනීකරණය නොකරන ලෙසත් එහිි වගකීම පිළිබඳ ‍හොඳින් සිතාබලන ලෙසත් සභාපතිවරයා මැතිසබයේදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙලෙසයි.

සබැඳි පුවත් ක්‍රිකට් ලොක්කන්ගෙන් ප්‍රශ්න කරද්දී කෝප් සභාපතිගේ ‘හස්ත සංඥාව’ ගැන පරීක්ෂණයක් ඉල්ලයි (📹)

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version