මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ඩුබායි පාතාලයෙන් තවත් පොලිස් නිලධාරියෙකුට තර්ජන

ඩුබායි පාතාලයෙන් තවත් පොලිස් නිලධාරියෙකුට තර්ජන

0

ඩුබායී හී රැදී සිටින මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාලයේ අපරාධකරුවන් මේ වන විට පොලිස් නිලධාරීන්ට එරට සිට දුරකථන ඔස්සේ තර්ජනය කිරීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබේ.

පාතාල අපරාධකරුවන්ගේ තර්ජන හේතුවෙන් මත්කුඩු ජාවාරමේ නිරත පාතාල අපරාධකරුවන්ට එරෙහිව විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් රැසක්ම මේ වන විට ජීවිත තර්ජනයන්ට පවා ලක්ව සිටිති.

එම ගොන්නට අලුතින්ම එක්ව ඇත්තේ මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ විෂ මත්ද්‍රව්‍ය අංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම නිලධාරියා මේ දිනවල කුරුණෑගල වැහැර පිහිටි සේවස්ථ පුහුණු ඒකකයේ පාඨමාලාවක් හදාරමින් සිටියි. එම පාඨමාලවට සම්බන්ධ වි සිටියදී ඊයේ ඔහුට විදේශීය දුරකථනයකින් ඇමතුමක් ලැබී ඇත්තේ දරුවාත් බිරිඳත් මරා දමන බවට තර්ජනය කරමිනි.

ඒ සම්බන්ධයෙන් මෙම කොස්තාපල්වරයා කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

මෙසේ මෙම නිලධාරියාට තර්ජනයකර ඇත්තේ මේ වන විට ඩුබායි හී රැදී සිටින මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල අපරාධකරුවෙක් වන දාගොන්නේ කිරියා නැමැති පුද්ගලයා බව හදුනාගෙන තිබේ. මිනිස් ඝාතන කිහිපයකටද සම්බන්ධ බව කියන මෙම අපරාධකරුගේ ගෝලයින් කිහිප දෙනෙකුම මෑතකදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබීමත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම නිලධාරියාගේ තොරතුරු මත වන නිසාත් මෙසේ ඔහුට තර්ජන එල්ලවී ඇති බව සඳහන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version