මුල් පිටුව special සො‍ෆ්ට්ලොජික් සමූහයේ විලාසිතා සහ අවන්හල් 8ක් හැව්ලොක් සිටි මෝල්හිදී අද විවෘත වෙයි

සො‍ෆ්ට්ලොජික් සමූහයේ විලාසිතා සහ අවන්හල් 8ක් හැව්ලොක් සිටි මෝල්හිදී අද විවෘත වෙයි

0

ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි සහ විනෝදාස්වාද අත්දැකීමක් ළඟාකර දෙමින් සොෆ්ට්ලොජික් සමූහයේ විලාසිතා සහ අවන්හල් අලෙවිසැල් 8ක්, ශ්‍රී ලංකාවේ නවතම සුපිරි සාප්පු සංකීර්ණය ආරම්භ කරන අද(19) දිනයේදී ‘හැව්ලොක් සිටි මෝල් ‘ (Havelock city mall) හිදී විවෘත කර තිබේ.

ඒ සොෆ්ට්ලොජික් සමූහයේ ආරම්භක සාමාජික සහ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ Aldo, Samsonite, Odel Sports යනාදි ප්‍රමුඛතම සන්නාමවල භාණ්ඩ මිලදී ගැනීමටත්, රසවත් ආහාර පාන නිරන්තරයෙන්ම ගෙන එන Burger King, Popeyes, Delifrance, Basking Robbins, Subway වෙතින් ආහාරපාන මිලදී ගැනීමටත් හැව්ලොක් සිටි මෝල්හිදී අද සිට හැකියාව ලැබේ.

අද සිට ලබන 31 වැනිදා තෙක් සොෆ්ට්ලොජික් සමූහයට අයත් ඉහත අලෙවිසැල් වෙත පියමනින ඔබට Softlogic One Loyalty සාමාජිකයන් සඳහා 20%ක අගනා වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගත හැකිය.

වර්ග අඩි 200,000 කට වඩා විහිදෙන මෙම සුපිරි සාප්පු සංකීර්ණය තුළදී අලෙවිසැල් 132 ක විලාසිතා , විනෝදාස්වාද, ආහාර පාන වර්ග, සේවා, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ යනාදි විවිධ භාණ්ඩ හා සේවාවන් සපයනු ලබයි.

හැව්ලොක් සිටි මෝල් හි සමාරම්භක දිනය වන අද දිනයේදී, සොෆ්ට්ලොජික් සමූහයේ ආරම්භක සාමාජික සහ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් Samsonite අලෙවිසැල විවෘත කිරීම සිදුවූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version