මුල් පිටුව උණුසුම් පුවත් හිටපු පොලිස්පතිවරයකු අභාවප්‍රාප්ත වෙයි

හිටපු පොලිස්පතිවරයකු අභාවප්‍රාප්ත වෙයි

0

හිටපු පොලිස්පති,විශ්‍රාමික වයි. පී.වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ඊයේ(16) අභාවප්‍රාප්ත වනවිට 75 වැනි වියෙහි පසුවිය.

1948.07.01 වන දින උපත ලබා ඇති ඒ මහතා 1974.11.04 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳී කළුතර පොලිස් අභ්‍යස විද්‍යාලයෙන් මූලික පුහුණුව හැදෑරීමෙන් පසු කෑගල්ල, වව්නියාව, රත්නපුර හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කර ඇත.

1983.11.04 වන දින පොලිස් අධිකාරීවරයෙකු ලෙස උසස්වීම් ලබා පොලොන්නරුව, මඩකලපුව හා තංගල්ල ආදී කොට්ඨාස කිහිපයක දිස්ත්‍රික්ක හා කොට්ඨාස භාර නිලධාරි වශයෙන්ද, 1989.01.01 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස්වීම් ලබා කළුතර, කොළඹ උතුර හා ගල්කිස්ස ඇතුළු කොට්ඨාසවල කොට්ඨාස භාර නිලධාරි ලෙස රාජකාරී ඉටුකර ඇත.

ඔහු 1994.03.03 වන දින නියෝජ්‍ය පොලිස්පති වරයෙකු ලෙස උසස්වීම් ලබා ඇති අතර පොලිස් මූලස්ථානය, අනුරාධපුර, ජනාධිපති ආරක්ෂක, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රවර්ථන ආදී දිසාවන් භාරවද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලබා 2005.04.21 වන දින පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමණාකරන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර ඇත. 2006.10.12 වන දින ශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පතිවරයා ලෙස පත්වී 2008.07.01 වන දින දක්වා වූ කාලසීමාව තුල පොලිස්පති ධූරය හොබවා ඉන් අනතුරුව විශ්‍රාම ගෙන ඇත.

ටී. රම්‍යා පෙරේරා මහත්මිය සමඟ විවාහ වී සිටි එතුමා දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකුගේ ආදරණිය පියෙකු වූ ඒ මහතා පානදුර දකුණ පොලිස් වසමේ අංක 14, බණ්ඩාරනායක මාවත, වෑකඩ, පානදුර ලිපිනයේ පදිංචිව සිටියේය.

අවමංගල්‍ය කටයුතු සිදුකිරීමේ දිනය හා ස්ථානය පිළිබඳ පසුව දැනුම්දීමට කටයුතු කරමි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version