මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය ඇමතිවරු 4කට වැඩබලන ඇමතිකම්

රාජ්‍ය ඇමතිවරු 4කට වැඩබලන ඇමතිකම්

0

ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙක් වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත්කර තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලය සඳහා ය.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version