මුල් පිටුව උණුසුම් පුවත් “අසාත්මිකතාවෙන් වූ මරණ ලෝකය එක්ක බැලුවම සාමාන්‍යයි” -විමර්ශන කමිටුව

“අසාත්මිකතාවෙන් වූ මරණ ලෝකය එක්ක බැලුවම සාමාන්‍යයි” -විමර්ශන කමිටුව

0

දරුණු අසාත්මිකතාවක් ඇතිවී පසුගියදා රෝගීන් දෙදෙනකු මිය යාම ලෝක තත්ත්වය හා සසඳන විට සාමාන්‍ය ත්ත්වයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

සාමාන්‍යයෙන් අසාත්මිකතා ඇති වී රෝගීන් මියයන අතර මෙවර රෝගීන් දෙදෙනෙක් අසාමාන්‍ය වැඩි වීමක් නොවන බව ද තමා ද නියෝජනය කළ කමිටුව කළ විමර්ශනයේ දී හෙළි වූ බව මහාචාර්යවරයා සඳහන් කළේය.

දේශීය හා විදේශීය විශේෂඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් මඟින් අසාත්මිකතා ඇති වූ රෝගීන් 6 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවද විශේෂයෙන් මියගිය රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කළ බවද ඔහු එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වෙනත් වසරවල අසාත්මිකතා ඇති වී රෝගීන් මිය යාම හා ඉකුත් දා 2නෙකු මියයාම සංසන්දනය කිරීමේ දී එය අසාමාන්‍ය වැඩි වීමක් නොවන බව ඒ පිළිබඳ සොයා බැලූ කමිටුවේ නිගමනය වූ බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

තම කමිටුව ඒ සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් සෞඛ්‍ය ඇමතිවරයාට ඉකුත්දා ලබා දුන් බවද ඔහු සඳහන් කළේය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version