මුල් පිටුව උණුසුම් පුවත් වැඩ තහනම අතරෙත් වැඩ කළ අධිකරණ වෛද්‍ය නිලධාරීට විනය පියවර

වැඩ තහනම අතරෙත් වැඩ කළ අධිකරණ වෛද්‍ය නිලධාරීට විනය පියවර

1

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් වැඩ තහනම් කර තිබියදී නීති විරෝධී ලෙස රාජකාරි කළ බව කියන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට විනය පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දන්වා ඇතැයි සෞඛ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වැඩ මාස 8කට තහනම් කල බව සඳහන් ලිපියක් තමා වෙත ලැබුණු අතර එහි පිටපතක් ඔහු රාජකාරි කරන ආයතනයේ ප්‍රධානියාට යැවු බවද අසේල ගුණවර්ධන මහතා කීය.

ආයතන ප්‍රධානියා මැදිහත් වී ඔහු රාජකාරිවලින් ඉවත් කළ යුතුව තිබූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර එම අධිකරණ වෛද්‍ය නිලධාරියා තමාගේ රාජකාරිය තහනම් කිරීමේ නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් අභියාචනයක් කර ඇතැයිද වාර්තා වේ.

සොනාල් සිල්වෙස්ටර්

1 Comment

  1. //ආයතන ප්‍රධානියා මැදිහත් වී ඔහු රාජකාරිවලින් ඉවත් කළ යුතුව තිබූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.//
    මේ ආයතන ප්‍රධානියගෙ නමත් එක්ක නිවුස් එක ලියන්න තියෙන අවුල මොකක්ද?

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version