මුල් පිටුව උණුසුම් පුවත් අරාබි මුහුදට ගිය යාත්‍රා ගෙන්වන්න ජාත්‍යන්තර සහය ඉල්ලයි

අරාබි මුහුදට ගිය යාත්‍රා ගෙන්වන්න ජාත්‍යන්තර සහය ඉල්ලයි

0

උතුරු අරාබි මුහුදේ හටගෙන ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවින් එම කලාපයේ ධීවර කටයුතු කරන බහුදින යාත්‍රාවලට අනතුරු ඇඟවීම් කළ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.

මෙම හදිසි තත්වය හේතුවෙන් ආපසු පැමිණෙන යාත්‍රාවලට සහය දෙන්නැයි ඉන්දියාව සහ මාලදිවයිනෙන් ඉල්ලා සිටි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අවදානම් ප්‍රදේශවල ධීවර කටයුතු කරන යාත්‍රා හඳුනාගෙන එම පිරිස ඉවත් කිරීමට කටයුතු කරන බව ද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version