මුල් පිටුව උණුසුම් පුවත් අත්අඩංගුවට ගත් මන්ත්‍රීට ඇප

අත්අඩංගුවට ගත් මන්ත්‍රීට ඇප

0

අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී තිබේ.

පසුගිය 02 වනදා පස්වරුවේ වඩමාරච්චි පොදු ක්‍රීඩා පිටියේ තරුණ තරුණියන් සමග හමුවකට එක්ව සිටිය දී පොලිස් නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරීන් සමග ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් එල්ල වූ චෝදනා මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණි.

අධිකරණය මගින් ඊයේ මන්ත්‍රීවරයා වෙත විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version