මුල් පිටුව COVID මාස්ක් නිසා අමතක වූ හිනාව උගන්වන්න ජපානයේ පාඨමාලා

මාස්ක් නිසා අමතක වූ හිනාව උගන්වන්න ජපානයේ පාඨමාලා

0

කොවිඩ් පහව යාම හේතුවෙන් ක්‍රමයෙන් මුඛ ආවරණ ඉවත් කරමින් සිටින ජපානය දැන් සිනහ වීමට අලුතින් අධ්‍යාපනය ලබාදීමට පටන්ගත් පුවතක් එරටින් වාර්තා වේ.

ඒ අනුව මුඛ ආවරණ පැළඳි කාලය තුළ මිනිසුන් සිනහා නොවීම හේතුකොට ගනිමින් මුහුණේ මාංශපේශීවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම ආරම්භ කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙන බව එම වාර්තාවල දැක්වේ.

මේ අනුව ජපානයේ සිනහ වීමේ අධ්‍යාපනය ලබාදෙන ‘Smile Education’ පාඨමාලා පැයකට US$55 මිලක් අයකරමින් පවත්වාගෙන යනු ලබයි.

පසුගිය වසර පුරා මෙම සිනහ පුහුණු පාඨමාලා සඳහා ජපානයේ ඉල්ලුම සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත.

එය බොහෝ අය මුදල් ගෙවා අධ්‍යාපනයක් ලබාගැනීමට තරම් සුදුසු ලෙස සිතන නොසිතන නමුත් හිටපු ගුවන්විදුලි නිවේදිකාවක වන, සිනහ උපදේශිකාවක ලෙස දැනට කටයුතු කරන කෙයිකෝ කවානෝගේ පුහුණු කිරීමේ සේවාවට ජපානයේ ඉල්ලුමේ වැඩිවෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවක දැක්විණ.

කොවිඩ් වසංගතය අතරතුර ලෝකය පුරා මුඛ ආවරණ පැළඳීම නීතියක් බවට පත්විය.

‍පිළිගැනීමේ නිලධාරීන් ලෙස ආයතනවල කටයුතු කරන අයගේ වැඩි ඉල්ලුමක් මෙම පාඨමාලාවට ඇති බව පැවසේ.

ජපාන රජය මාර්තු මාසයේදී මුඛ ආවරණ පැළඳීමේ නිර්දේශය ඉවත් කර තිබුණ ද බොහෝ අය තවමත් ඔවුන්ට දිනපතා එය භාවිත කිරීමෙන් වැළකී නැත.

මැයි මාසයේ එරට ප්‍රමුඛ මාධ්‍යයක් විසින් කරන ලද මත විමසුමකින් පෙන්නුම් කළේ ජපන් ජාතිකයන්ගෙන් 55% ක් තවදුරටත් මුඛ ආවරණ පැළඳ සිටින බවයි.

එය පැළඳීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව කියා සිටියේ 8% ක් පමණි.

සිනහ පාඨමාලාව වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතුවලදී ඇයගේ වෙළඳ ලකුණු කර ඇත්තේ ‘හොලිවුඩ් ස්ටයිල් සිනහවීමේ ක්‍රමය’ ක්‍රමයට උගන්වන බවත් ඊට මුඛයේ දාර හැඩ ගැන්වීම ඇතුළත් වන බව යනාදි කරුණු ය.

සිනාසීමේ තාක්ෂණික ක්‍රම මෙහිදී නිවැරැදිව ඉගෙන ගත හැකි බව සිනහ උපදේශකයෝ පෙන්වා දෙති.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version