මුල් පිටුව උණුසුම් පුවත් ලංකාව ඇෆ්ගන් තරගාවලිය සම කරයි

ලංකාව ඇෆ්ගන් තරගාවලිය සම කරයි

0

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 132කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය 1-1 ලෙස සම කිරීමට සමත් විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද පැවැති තරගේය පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 323ක් ලබා ගත්හ.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් ලබාගත් අතර ඔහු සමඟ ශ්‍රි ලංකා ඉනිම ශක්තිමත් කළ දිමුත් කරුණාරත්න ලකුණු 52ක්,සධීර සමරවික්‍රම ලකුණු 44ක් ලබා ගත්හ.

ලකුණු 324ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගන් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 191කි. පන්දුවාර 42.1ක දී ප්‍රතිවාදී ඇෆ්ගන් පිතිකරුවන් සියලුදෙනා ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ධනංජය ද සිල්වා 39/3ක්, වනිදු හසරංග 42/3ක්, දුෂ්මන්ත චමීර 18/2ක් ලෙස ඇෆ්ගන් කඩුලු බිඳ හෙළුහ. මහේෂ් තීක්ෂණ හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදි ගියහ.

තරගයේ විරයා සම්මානය නොදැවි ලකුණු 24ක් ලබා ගනිමින් කඩුලු 3ක් දවා ලූ ධනංජය ද සිල්වා ට හිමිවිය. තීරණාත්මක මීළඟ තරගය හම්බන්තොට දි ලබන 7වැනිදා උදෑසන 10ට පැවැත්වෙයි.

ශ්‍රි ලංකාව 323/6 (50)

ඇෆ්ගනිස්ථානය 191 (42.1)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version