මුල් පිටුව උණුසුම් පුවත් පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට

පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට

0

ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කළ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ අද(02) පැවති පළමු එක්දින තරගය ජය ගත්තේය.

ඇෆ්ගන් පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථක ආරම්භයක් ලබා ගැනිමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 268කට සීමා විය.

මුල්පෙල පිතිකරුවන් අතර යම් සාර්ථකත්වයකට පත් වූ පැතුම් නිශ්ශංක ලකුණු 38ක් ලබාගත් අතර, බිඳ වැටෙන ඉනිම ආරක්ෂා කළ චරිත් අසලංක පන්දු අනූ පහක දි ලකුණු 91ක් සහ ධනංජය සිල්වා පන්දු පනස් නවයකදි ලකුණු 51ක් ලබා ගත්හ.

ෆරීඩ් අහමඩ් සහ ෆසල්හක් ෆාරුකි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙක බැගින් බිඳ හෙළුහ. ලකුණු 269ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගන් පිතිකරුවෝ ඉතාම සංයමයෙන් පන්දුවට පහර දෙමින් මනා එක්දින කණ්ඩායමක දක්ෂතාව මොනවට විදහා පෑහ.

රමනුල්ලා ගුරුබාස් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනිමට ළහිරු කුමාර සමත්වුව ද, ඉබ්‍රහිම් සඩාන් සහ රමත් ෂා පිලිවෙලින් ලබාගත් ලකුණු 98 සහ ලකුණු 55 ඇෆ්ගන් පිලේ ජයග්‍රහණයට පාර කැපූහ.

සිය මංගල එක්දින තරගයට පිවිසි දුෂාන් හේමන්ත සහ මතිෂ පතිරණ ට තරගය වෙනස් කිරිමට තරම් වටිනා තරග විලාසයක් පෙන්වීමට නොහැකි වූහ. දුෂාන් වේගවත් ලකුණු 22ක් රැස්කළ අතර පන්දුවෙන් ලකුණු 50කට පන්දුවාර 9ක් යවමින් සිය දක්ෂතා පෙන්විය. මතිෂ පතිරණ පිිතිකරණයේ දි එක් ලකුණක් ලබා සිටිය දි දුවද්දි දැවි යාමකට ලක් වූ අතර පන්දු යැවිමේ දි පන්දුවාර 8.5ක් තුළ ලකුණු 66කට එක් කඩුල්ලක් දවා ගත්තේය‍.

තරගයේ විරයා සම්මානය පන්දු අනූ අටකදි ලකුණු 98ක් ලබාගත් ඉබ්‍රහිම් සඩාන්ට හිමිවිය.

ශ්‍රි ලංකාව 268/10

ඇෆ්ගනිස්ථානය 269/4 (46.5)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version