මුල් පිටුව උණුසුම් පුවත් බුදු දහමට අපහාස කළ නතාෂාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යූටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට

බුදු දහමට අපහාස කළ නතාෂාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යූටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට

0

බෞද්ධ දර්ශනයට හානියක් වන අයුරින් අපහාසාත්මක ප්‍රකාශයක් කළ නතාෂා එදිරිසූරිය නැමැත්තියගේ එම ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයලබාදුන් යූ.ටියුබ් නාලිකාවක හිමිකරුයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙයට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය.

බෘනෝ දිවාකර නැමැති ඔහුට අයත් ටූ ටියුබ් නාලිකා කිහිපයක්ම ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ඔහුව කැදවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version