මුල් පිටුව උණුසුම් පුවත් ගුටිකෑමෙන් වැළකෙන්න පාරිභෝගික වැටලීම්වලට STF සහය

ගුටිකෑමෙන් වැළකෙන්න පාරිභෝගික වැටලීම්වලට STF සහය

0

ඉදිරියේදි සිදුකරන පාරිභෝගික වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහ පොලිසියේ සහය ලබාගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වැටලීම් අවස්ථාවලදී තම නිලධාරීන්ට ප්‍රහාර එල්ලවන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය අදාළ වැටලීම් සඳහා ලබා ගැනීමට පියවර ගැනේ.

පසුගිය දින කිහිපය තුළ ගම්පහ, කළුතර, අම්පාර සහ නාරම්මල ප්‍රදේශවල වැටලීම් සිදුකරන අවස්ථාවලදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදිම් සිදු විය. 

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version