මුල් පිටුව උණුසුම් පුවත් කොමිෂන් සභා දෙකක් අලුත්කරයි

කොමිෂන් සභා දෙකක් අලුත්කරයි

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කර තිබේ.

ඒ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය.

ඒ අනුව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර තිබේ. මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇත්තේ වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ. ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන්ය.

මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ වන්නේ සුමිත් අබේසිංහ මහතාය. තුආන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version