මුල් පිටුව උණුසුම් පුවත් ආසියාවේ වෛද්‍ය සංචාරක ගමනාන්තය පෝ‍ට් සිටියට ගේන්න ආසිරි හොස්පිට්ල්ස් සූදානම්

ආසියාවේ වෛද්‍ය සංචාරක ගමනාන්තය පෝ‍ට් සිටියට ගේන්න ආසිරි හොස්පිට්ල්ස් සූදානම්

0

ශ්‍රි ලංකාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ආසියාවේ වෛද්‍ය සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ වරාය නගරය (PCC) තුළ ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් ස්ථාපිත කිරීම සඳහා වන 99 අවුරුදු බදු ගිවිසුමකට එළැඹ තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම අතර ඇති කරගත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආසිරි හොස්පිට්ල් හෝල්ඩින්ග්ස් පීඑල්සී සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා අද (17) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා දැනුවත් කර ඇත.

ඊට අදාළව අශෝක පතිරගේ මහතා යොමු කර තිබූ ලිපියේ මෙසේ ද සඳහන්ය.

රේණුක විජයවර්ධන මහතා,
ප්‍රධාන නියාමන නිලධාරී,
කොළඹ කොටස් වෙළෙඳපොළ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
Echelon Square,
කොළඹ 01,
2023 අප්‍රේල් 17.

හිතවත් මහත්මයාණෙනි,

ආසිරි පෝර්ට් සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම
ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නව ව්‍යාපාරය පිළිබඳ
– නිවේදනය

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ ප්‍රධාන සැලැස්මට අනුකූලව කොළඹ වරාය නගරය (PCC) තුළ රෝහලක් සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා ලැයිස්තුගත කිරීමේ රීතිවල 8.1 වගන්තියට අනුව, ආසිරි හොස්පිට්ල් හෝල්ඩිංග්ස් පීඑල්සී (“සමාගම”/”ආසිරි හොස්පිට්ල්”) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය දරන ආසිරි පෝට් සිටි රෝහල (පුද්ගලික) සමාගම සීමාසහිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමඟ බදු දීමට ගිවිසුමකට එළැඹි බව සතුටින් නිවේදනය කරමි.

ඒ අනුව පාර්ශ්ව විසින් පූර්වාදර්ශී කොන්දේසි සපුරාලීමට යටත්ව කොළඹ වරාය නගරයේ රෝහලක් ස්ථාපිත කිරීම සඳහා මායිම් කළ ඉඩම තුළ නව රෝහල ස්ථාපිත කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම 99 අවුරුදු බදු අයිතිය සහිත ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම ව්‍යාපෘතිය වරාය නගරය තුළ හඳුනාගෙන ඇති මහා පරිමාණ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරට අයත් වේ.

සොෆ්ට්ලොජික් නිර්මාතෘ සහ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා නායකත්වය දරන ප්‍රමුඛ සොෆ්ට්ලොජික් සමාගම් සමූහයේ පුරෝගාමී සමාගමක් බවට ආසිරි පෝට් සිටි හොස්පිට්ල් (පුද්ගලික) සමාගම වනු ඇත. ඒ අනුව මෙම සමාගම් සමූහය තුළින් කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනිමට ලක්වන අති නවීන ප්‍රතිකාර ක්‍රම සහිත ආසිරි පෝට් සිටි රෝහල සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අදාළව උපාය මාර්ගික හා මෙහෙයුම් උපදේශන සපයනු ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස මෙරට වඩාත් සංවේදී, සෞඛ්‍ය තාක්‍ෂණික සේවා මෙහෙයවමින් අති නවීන සෞඛ්‍ය සේවාවන් පිරිනැමීමට අදාළව ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සි ප්‍රසිද්ධියක් උසුලයි. මෙම සමාගම 1986 දී මෙහෙයුම් ආරම්භ කළ අතර එය මේ වනවිට ඇඳන් 800කට අධික ධාරිතාවකින් යුතුව දිවයින පුරා ස්ථාන 11ක සිට සිය සේවා සපයයි.

විශේෂඥ දැනුමක් සහිතව අද්විතීය රෝගී සත්කාර සේවා සැපයීමේ අරමුණෙන් සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීමටත් ආසිරි රෝහල් ජාලයේ ඒකාබද්ධ සායනික පුහුණුව, අධ්‍යාපන හා පර්යේෂණ විශේෂඥතාව උපයෝගි කරගනිමින් ආසිරි පෝට් සිටි රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමටත් අපේක්ෂා කරයි.

මෙයට අමතරව බරපතල හා සංකීර්ණ රෝග සුව කිරීමේ දි ගෝලීය අධිකාරියක් ලෙස ස්ථානගත වෙමින් දේශීය හා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ජාත්‍යන්තර පුහුණුව ලත් වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය සේවා විශේෂඥ කාර්ය මණ්ඩලයක සේවාව සැපයීමට ආසිරි පෝට් සිටි රෝහල අවධානය යොමු කර තිබේ.

මෙම නව ව්‍යවසාය, ශ්‍රී ලංකාව වෛද්‍ය සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු කිරීම සහ ආකර්ෂණය කර ගැනීම සඳහා වූ අතිශය වැදගත් ගමන් මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි.

Asiri Port City Hospital (Pvt) Ltd හි විශේෂඥතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ සංකලනය මගින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීමට අපේක්ෂා කරන අතරම, ශ්‍රී ලංකාව ආසියාවේ වෛද්‍ය සංචාරක ගමනාන්තය බවට පත් කිරීමට සහ ජාතියේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට දායක වීමට ද අපේක්ෂා කරයි.

ඔබගේ විශ්වාසි,

අශෝක් පතිරගේ
සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ
ආසිරි හොස්පිට්ල් හෝල්ඩින්ග්ස් පීඑල්සී

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version