මුල් පිටුව උණුසුම් පුවත් අද බෙදාහැරි ඉන්ධන තොග ගණන මෙන්න..

අද බෙදාහැරි ඉන්ධන තොග ගණන මෙන්න..

0

අද(29) උදෑසන 6 සිට 9 දක්වා කාලය තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ සහ ප්‍රාදේශීය ගබඩා පර්‍යන්තවලින් පිටත් කර යැවූ ඉන්ධන තොග ප්‍රමාණය පිළිබඳ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංඛ්‍යාලේඛන නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ කාලය තුළ ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 86 ක් පිරවුම්හල් වෙත පිටත් කර යවා ඇත.

එමෙන්ම පෙට්‍රල් 92 ලීටර් 6,600 ක ලෝඩ් 122 ක් එම පර්යන්තවලින් පිරවුම්හල් වෙත පිටත් කර යවා ඇති බව අමාත්‍යවරයා කීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version