මුල් පිටුව උණුසුම් පුවත් IMF ගැන මැතිසබේ ඡන්දය නමින් විමසන්නැයි ජනපති කියලා

IMF ගැන මැතිසබේ ඡන්දය නමින් විමසන්නැයි ජනපති කියලා

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය දෙන අය විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කළ යුතු බවද විජේසේකර මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සභාගත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ විවාදය අමතමින් කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version